ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

විශේෂයෙන් වයස අවුරුදු 75ට වැඩි වැඩිහිටි ජනගහණය තම විවේක කාලයේ රූපවාහිනිය සහ වීඩියෝ නැරඹීමට වැඩිම කාලයක් ගතකරන බවයි හඳුනාගෙන ඇත්තේ.

වැඩිහිටි ජනගහනය අතුරින් සියයට 47ක් සඳහන් කර ඇත්තේ කියවීම තම ප්‍රියතම විනෝදාංශය බවයි.

තවද මෑත කාලීන තරුණ පරම්පරාව නියෝජනය කරන වයස අවුරුදු 15ත් 24 දක්වා වු කණ්ඩායම දිනකට වැඩි කාලයක් ඩිජිටල් ක්‍රීඩා සඳහා තම විවේක කාලය යොදවන බව වාර්තා වනවා.

මිලේනියම් ජෙනරේෂන් නැතහොත් වයස අවුරුදු 25ත් 39ත් අතර කාණ්ඩය ඩිජිටල් ක්‍රීඩා සඳහා තම විවේක කාලය යොදවන දෙවන විශාලතම කණ්ඩායම ලෙස සැලකෙනවා.

තවද මෙම පරම්පරා සියල්ලන්ම විවේකය තම පෞද්ගලික අභිවෘද්ධිය සඳහාම පමණක් යොදවන බවයි සඳහන් කර ඇත්තේ.

පෞද්ගලික අභිලාශයන්ට අමතරව ඇතැමුන් තම විනෝදය සහ විවේක කාලය ගත කිරීමට රැකියාව හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වන බව හඳුනාගෙන තිබෙනවා.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »