Search

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් සිදු කරන ලද මෙම පර්යේෂණයේදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු 2023 වසරේදී බැංකු කාඩ්පත් ඉවත් කර ඇති බවයි.

සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 1039ක් ලබාදුන් දත්ත හා බැංකු කාඩ්පත් භාවිත කරන්නන් හා සැසඳීමේ දී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 930ක් අහිමි වි ඇති බව සඳහන්.

ෆයින්ඩර් හි මුදල් විශේෂඥයෙකු වන රෙබෙකා පයික් පැවසුවේ ඩිජිටල් ගනුදෙනු ජනප්‍රිය වෙමින් පවතින අතර ඒ හා සමගාමීව වංචනික ක්‍රියාවන් ද වර්ධනය වෙමින් පවතින බවයි.

වංචාකරුවන් ප්‍රසිද්ධ සන්නාමයක් ඇති ආයතනයක් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ කාඩ්පත් විස්තර පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින බව ඇය පෙන්වා දෙනවා.

සැමවිටම ඩිජිටල් ගණුදෙනුවලදී හොඳ සැලකිල්ලෙන් හා පරික්ෂාකාරී වන ලෙසටයි මූල්‍ය විශේෂඥයින් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »