Search

බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ වැඩ පෙන්වූ කමිඳුට ICC යෙන් සැලකිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් මෙම වසරේ මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

කමිඳු මෙන්ඩිස්, අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි අභිබවා 2024 මාර්තු මාසයේ ICC හොඳම පිරිමි ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමටයි සමත් වී ඇත්තේ.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරියට සහ වනිඳු හසරංගට පසුව මෙම සම්මානය දිනු තුන්වන ශ්‍රී ලාංකිකයා බවට පත් වුණා.

මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස තමා නම් කිරීම ගැන අතිශයින් සතුටු වන අතර එය තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආශීර්වාදයක් ල ලෙසට සලකන බවයි කමිඳු මෙන්ඩිස් ප්‍රකාශ කළේ.

බංග්ලාදේශයට එරෙහි තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙම මාසයේ ක්‍රීඩකයා ලෙසට නම් කෙරුණා.

කමිඳු මෙන්ඩිස් ටෙස්ට් තරගයකදී අංක හත හෝ ඊට පහළින් පන්දුවට පහර දීමට පැමිණ ශතක දෙකක් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ද පත්වුණා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »