වනිඳු හසරංගට IPL තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව මතුවී ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහු විවේකය අවශ්‍ය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටින වනිඳු හසරංග මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබෙනවා.

බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා 20-20 නායකයා ආබාධයකට ලක්වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණා.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »