දිනේෂ් චන්දිමාල් හදිසියේම තරගයෙන් ඉවත්වී ශ්‍රී ලංකාව බලා යයි

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ක්‍රිඩා කරන අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් හදිසියේම ඉන් ඉවත්වි තිබෙනවා.

පවුලේ වෛද්‍ය හදිසි අවස්ථාවක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි 2 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඔහු වහාම නිවසට පැමිණෙනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සහ සියලු කාර්ය මණ්ඩලය දිනේෂ් චන්දිමාල්ට මේ මොහොතේ අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන අතර ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංගලාදේශයේ චැටෝග්‍රෑම් හි පැවැත්වෙන 2 වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 4 වන දිනය අදයි.

අද දහවල් බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා සිටියදී යි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණයි.

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »