පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Google Maps හි උපදෙස් අනුගමනය කිරීමෙන් පසු සංචාරකයින් අතරමං වන හෝ දුරස්ථ ප්‍රදේශවල සිරවී සිටින සංඛ්‍යාව පිළිබඳව ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි බලධාරීන් මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

මේ හේතුවෙන් මෙවර පාස්කු සති අන්තයේ සංචාරක සමය හේතුවෙන් පිටස්තර ප්‍රදේශවලට ගමන් කරන අත්දැකීම් අඩු ගවේෂකයන්ට සැලකිලිමත් වන ලෙසට දැනුම් දෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ රාජ්‍ය හදිසි සේවා නිලධාරීන් ප්‍රකාශ කළේ තමන්ට ඇති විශාලතම ගැටලුව වන්නේ Google Maps යෙදුම් භාවිතා කරන විට ජනතාවට වැරදි මඟ පෙන්වීම් ලබාදී අතරමං වීම බවයි.

ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු ද පසුගිය පෙබරවාරි මාසයේදී කේප් යෝර්ක් ප්‍රදේශයේ වනාන්තරයක ඔවුන්ගේ මෝටර් රථය සමග සිරවී දින කිහිපයක් අතරමංව සිටියා.

Google Maps විසින් වැරදි ලෙස යොමු කරන ලද රියදුරන් යළි හරවා යැවීමට ප්‍රදේශවාසීන් ද සහයෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් තම සංචාරය කලින් සැලසුම් කර ගමනාන්තයට ආරක්ෂිතව යාම සඳහා Google Maps මත පමණක් රඳා නොසිටින ලෙස පොලිසිය දැනුම් දෙනවා.

කළ යුතු හොඳම දේ හුදකලා ප්‍රදේශවලට යාමට පෙර හොඳින් දැනුවත් වී සංචාරය සැලසුම් කිරීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »