ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක ගබ්සා නීති වෙනස් වූ හැටි

බටහිර ඔස්ට්‍රේලියාවේ නව ගබ්සා නීති බලාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නව නීති බලාත්මක වී ඇත්තේ එම නීති ප්‍රකාශයට පත් කර මාස හයකට පමණ පසුව වීම විශේෂත්වයක්.

නොමේරු කළල ගබ්සා කිරීම සාපරාධී නොවන ක්‍රියාවක් බවට ප්‍රකාශ කර ඇති මෙම ක්‍රියාවලිය කාන්තාවන් සදහා යහපතක් වන බවයි පෙන්වා දී ඇත්තේ.

මීට පෙර ගබ්සා කිරීම් සඳහා සම්බන්ධ විය යුතුව සිටි සෞඛ්‍ය වෘත්තිකයන් සංඛ්‍යාව නව නීතියත් සමග දෙදෙනෙකුගේ සිට එක් අයෙකු දක්වා අඩු කර තිබෙනවා.

නව නීති බලාත්මකවීමත් සමග ගබ්සා කිරීම් සඳහා අමාත්‍ය අනුමැතිය තවදුරටත් අවශ්‍ය නොමැති බව වාර්තා වනවා.

එනම් සති 20ත් 23ත් අතර ගර්භනී කාලය තුළ ගබ්සා කිරීම් සඳහා කාන්තාවන්ට තවදුරටත් වෛද්‍ය මණ්ඩලයකින් විශේෂ අනුමැතිය ලබා ගැනිම අවශ්‍ය වන්නේ නැහැ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය ඇම්බර්-ජේඩ් සැන්ඩර්සන් සඳහන් කළේ ගබ්සාව නීතිගත කිරීම වැදගත් ප්‍රතිසංස්කරණයක් බවයි.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »