පාලම කඩා වැටී මියගිය දෙදෙනෙකුගේ සිරුරු හමවූ තැන

බැල්ටිමෝර් පාලම කඩා වැටීමත් සමග ජලයට යට වූ මෝටර් රථයක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව බලා ගමන් කරමින් තිබූ කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටීමෙන් සිදු වූ අනතුරින් පසු මියගිය බවට සැක කෙරෙන සිව් දෙනෙකුගේ සිරුරු මෙතෙක් හමු වී නැහැ.

නෞකාව පාලමේ ගැටුණු අවස්ථාවේ පාලමේ අලුත්වැඩියා කරමින් සිටි ඉදිකිරීම් සේවකයින් දෙදෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන් ලෙස නම් කර තිබෙනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසන්නේ සිංගප්පූරුවේ ධජය සහිත ඩාලි නෞකාව තුළ ඉන්ධන ගැලුම් මිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් සහ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ තිබුණ ද මහජනතාවට අනතුරක් නොමැති බවයි.

නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වන ඉන්දියානු ජාතිකයන් වන 22කට අනතුරෙන් හානියක් නොවූ අතර ඔවුන් තවමත් එහි රැඳී සිටිනවා.

පසුගිය අඟහරුවාදා අලුයම 01:30ට පමණ ඩාලි බහාලුම් නෞකාවේ විදුලි විසන්ධි වීමක් හේතුවෙන් පාලමේ ගැටී එය පැටප්ස්කෝ ගඟට ඇද වැටුණා.

යාත්‍රාවේ විදුලිය අහිමි වීමත් සමග ආපදා ඇමතුමක් ලබා දුන්න ද එය පාලමේ ගැටීම වළක්වා ගැනීම සඳහා නියමිත වේලාවට ගමන් මාර්ගය වෙනස් කිරීමට නොහැකි වී ඇතැයි සඳහන්.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ දත්ත පටිගත කිරීමේ යන්ත්‍රයක් සොයා ගෙන ඇති අතර එමගින් සිදු වූ අනතුර පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇතැයි විමර්ශකයන් බලාපොරොත්තු වනවා.

පාලම ප්‍රතිනිර්මාණය කිරීමේ සම්පූර්ණ වියදම එක්සත් ජනපද රජය විසින් දරනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇතත් මේ සඳහා කොපමණ කාලයක් ගතවනු ඇති ද යන්න පැහැදිලි වී නැහැ.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »