ඕස්ට්‍රේලියාවේ ATM යන්ත්‍ර තුලින් මුදල් ලබා ගැනීමේ විරෝධතාවක්

ඕස්ට්‍රේලියාව මුදල් රහිත සමාජයක් වෙත ගෙනයාමේ රජයේ සැලසුමට විරෝධය පළකරමින් මුදල් අවශ්‍ය බවට පවසන ක්‍රියාකාරීන් ලබන සතියේ ATM යන්ත්‍ර මගින් මුදල් ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයක් සැලසුම් කර තිබෙනවා.

ඩ්‍රෝ අවුට් සම් කෑෂ් ඩේ (“Draw Out Some Cash Day”) ලෙස නම් කර ඇති ලබන අඟහරුවාදා ඩොලර් 20ක් හෝ ඊට වැඩි මුදලක් ATM යන්ත්‍ර මගින් ලබා ගැනීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

හැකි සෑම දෙනාම, තමන්ගේ ගිණුම් පවතින බැංකුවලට ගොස් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය තුලින් මුදල් ලබා ගන්නා ලෙසට ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී තිබෙනවා.

සෑම කෙනෙක්ම මෙය කළහොත් ඩොලර් දහස් ගණනක් ATM යන්ත්‍ර වෙතින් ජනතාව අතට පත් වන අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තුළට නැවත මුදල් පිරවීම සඳහා බැංකුවලට සිදු වනු ඇති.

මුදල් ක්‍රියාකාරීන් දැනුම් දී ඇත්තේ තම හිතවතුන්ට ද මේ පණිවුඩය ලබා දෙන ලෙසට සහ කිසිදු දිනක මුදල් නැති වීමට ඉඩ නොදෙන ලෙසටයි.

ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන බැංකු සමුළුවේදී ඔස්ට්‍රේලියානු බැංකු සංගමයේ ප්‍රධාන විධායක ඇනා බ්ලයිග් පැවසුවේ බැංකු සහ ප්‍රධාන සිල්ලර වෙළඳුන් මේ වන විට මුදල් රහිත ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.

මුදල් ගනුදෙනු නොමැති සමාජයක් ගොඩ නැගීම ඉදිරි දශකයේ අභියෝගය වනු ඇති බව ද ඇය පෙන්වා දෙනවා.

මීට වසර 10 කට පෙර කිසිවකු තම ජංගම දුරකථනයෙන් ගෙවීමක් සිදු නොකළ අතර, එය දැන් වේගයෙන් වර්ධනය වන භාණ්ඩ හා සේවා සඳහා ගෙවීමේ ක්‍රමය බව ද ඇනා බ්ලයිග් සඳහන් කළා.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »