මුහුදට වැටුණු පාර්සල් ගන්න ගිය 12ක් මරුට

උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා අසල මුහුදට වැටී තිබූ සහනාධාර පාර්සල් වෙත ලබා ගැනීමට උත්සාහ කිරීමේදී පලස්තීන ජාතිකයන් 12 දෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

ගුවන් මගින් ලබාගෙන ඇති දර්ශනවල දැක්වෙන්නේ සිය ගණනක් පලස්තීනුවන් ආධාර වැටෙන ස්ථානයට වේගයෙන් දිව යන අතර ඇතැමුන් මුහුදට වැටෙන පාර්සල් ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

අධික කුසගින්නෙන් පෙළෙමින් සිටි පිහිනීමට හෝ නොදන්නා පිරිසක් මෙලෙස ආධාර පාර්සල් ලබා ගැනීමට යාමේදී අනතුරට ලක්වූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා ගාසා නගරයට බටහිර දෙසින් පිහිටි අල් ෂාති කඳවුරේ දී ගුවන් යානා ආධාර පැකේජ වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබුණා.

එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙන්නේ ගාසා තීරයට ඇතුළුවීම සඳහා ඊශ්‍රායලය පනවා ඇති සීමා හේතුවෙන් අත්‍යවශ්‍ය සැපයුම්වලට බාධා මතුවී ඇති අතර මිලියන 2.2කට අධික ජනතාවක් සාගතයේ අවදානමට ලක්ව සිටින බවයි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »