Search

වැඩිහිටියන්ට වැළඳෙන රෝගයකට හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාවේ සත්කාරක නිවාසවල සිටින වැඩිහිටියන්ගෙන් අඩකට පමණ මානසික අවපීඩනයේ සැලකිය යුතු රෝග ලක්ෂණ පවතින බව රජයේ ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ වාර්තාවක් පවසනවා.

අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක මනෝවිද්‍යාඥ ටාන්යා ඩේවිසන් සඳහන් කළේ එය වැඩිහිටි පුද්ගලයින්ගේ සාමාන්‍ය ජනගහන අනුපාතයට වඩා හතර ගුණයකින් වැඩි බවයි.

මේ වන විට රැකවරණ යටතේ ජීවත් වන වැඩිහිටියන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් හය දෙනෙකුට විෂාදය වෙනුවෙන් ඖෂධයක් නියම කර ඇතැයි ද හෙළිවී තිබෙනවා.

නේවාසික වයස්ගත රැකවරණ මධ්‍යස්ථාන තුළ එදිනෙදා ජීවිතයේදී වැඩිහිටියන්ට සමාජ හුදකලාව සහ තනිකම ඇතුළු තවත් අවදානම් සාධක රැසක් මතුවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

තම ප්‍රජාවන්ගෙන් සහ පෙර පැවති සමාජ සම්බන්ධතාවලින් ඉවත් වීම හමුවේ ඔවුන් බොහෝ විට කම්මැලි වීම ද සිදු වන මහාචාර්ය ඩේවිසන් ප්‍රකාශ කළා.

දිගු කලක් තිස්සේ නේවාසික රැකවරණ මධ්‍යස්ථානවල ජීවත්වන පුද්ගලයින්ට අන් අයට මෙන් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අරමුදල් නොමැති වීම ද ගැටලුවක් වී තිබෙනවා.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »