Search

පාස්කු නිවාඩු දිනවල දියේ ගිලීමෙන් මරණ 123ක්

දියේ ගිලීමෙන් සිදුවන මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග මෙවර පාස්කු නිවාඩු කාලය තුළ ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස බලධාරීන් ඉල්ලීමක් කර තිබෙනවා.

වාර්තාවට අනුව පසුගිය වසරේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් දියේ ගිලී මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ජීවිත බේරා ගැනීමේ කණ්ඩායම් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පසුගිය වසර 20ක කාලය තුළ පාස්කු නිවාඩු කාලය තුළ පමණක් පුද්ගලයින් 123 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවයි.

දින හතරක දිගු සති අන්තයකට සාමාන්‍යයෙන් දියේ ගිලීමෙන් මරණ 6 ක් සිදු වන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

බොහෝ දෙනෙකු තම නිවාඩු කාලයේදී ගංගා, විල් සහ ජලාශවල පිහිනීමට හෝ බෝට්ටු පැදීමට ගිය ද එම ස්ථාන බොහෝ විට මතුපිට සන්සුන්ව තිබුණ ද නොපෙනෙන අන්තරායන් ඇති විය හැකි බවටයි අනතුරු අඟවන්නේ.

නිවසින් බැහැරව ගමන් කරන්නේ නම් මීට පෙර එම ස්ථානයට ගොස් තිබුණ ද අනතුරු ඇඟවීමේ සලකුණු කෙරෙහි අවධානය යොමු කර පරීක්ෂා කර බලා ජල තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට උපදෙස් දී තිබෙනවා.

බෝට්ටු පැදීමේදී හෝ මසුන් ඇල්ලීමේදී සෑම කෙනෙකුම ජීවිතාරක්ෂක කබායක් පැළඳිය යුතු අතර එමගින් ජීවිතය බේරා ගත හැකි බවටයි දැනුම් දෙන්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »