
ඔස්ට්‍රේලියානු බැංකු විසින් මහජනතාවට සලසා දී ඇති ATM පහසුකම් ක්‍රමයෙන් අඩු කරමින් යන බව වාර්තා වී තිබෙනවා.
රට පුරා බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සිය ගණනක් වසා දමා ඇති බැවින් ඔස්ට්‍රේලියානුවන් අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මුදල රහිත සමාජයක් පිළිබඳ කතිකාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති අතර සියයට 71ක් ඒ පිළිබඳ කනගාටුව පල කර තිබෙනවා.

සංචිත බැංකු දත්ත පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මාසයේ දී ATM යන්ත්‍ර මගින් ඩොලර් මිලියන 30ක මුදලක් ඔස්ට්‍රේලියානුවන් ලබා ගෙන ඇති අතර 2020 වසරේ ජනවාරි මාසයේ ATM යන්ත්‍ර මගින් ලබාගත් මුලු මුදල ඩොලර් බිලියන 9ක් බවයි.
වසර 4ක් වැනි කාල සීමාවක් තුළඔස්ට්‍රේලියාව මුදල් රහිත සමාජයකට පරිවර්තනය වී ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.

2023 වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ බැංකු ශාඛා 424ක් වසා දමා ඇති අතර එම අගය ඔස්ට්‍රේලියාවේ සමස්ත ශාඛාවලින් සියයට 11ක් ලෙස සඳහන්.
මේ අතර රට පුරා ATM යන්ත්‍ර 718ක් ද වසා අමා ඇති බවයි වාර්තා වන්නේ.