ප්රවීණ ගායන ශිල්පී චන්ද්ර කුමාර් කඳනආරච්චි අභාවප්රාප්ත වී තිබෙනවා.
කලක් අසනීප තත්ත්වයේ පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
70 දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිසි ඔහු ගැයූ සෑම ගීතයක්ම අසන්නන් අතර ඉතා ජනප්රිය වුණා.
ඇගෙ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේදී එදා, ගම මහනුවරයි, සත් දිනකින් ඔබෙ කට හඬ වැනි ජනප්රිය ගීත රැසක් ඔහු ගායනා කර තිබෙනවා.
මියයන විට 76 හැවිරිදි වියෙහි පසු වූ ජනප්රිය ගායන ශිල්පියාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.