Search

ලෙඩට බෙහෙත් ගන්න සල්ලි හොයා ගත් හැටි

2021/2022 මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානුවන් 376,000කට වැඩි පිරිසක් පෞද්ගලික රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර සඳහා තම පෞද්ගලික මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වියදම් කළ බව හෙළිවී තිබෙනවා..

සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඇතැම් ඔස්ට්‍රේලියානුවන් තම සෞඛ්‍ය සේවා සඳහා ස්වයං අරමුදල් ලබා ගැනීමට තීරණය කර ඇත්තේ ගෘහ වියදම් පාලනය කර ගැනීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

තවත් පිරිසක් තම පුද්ගලික සෞඛ්‍ය සේවයට මුදල් ලබා ගැනීම සඳහා අරගලයක නිරත වෙමින් සිටින අතර ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ සෑම පුද්ගලයෙකුටම මෙම තත්වයට මුහුණ දී නොමැති බවයි.

මීළඟ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික වැඩිවීම ලබන අප්‍රේල් මාසයේදී සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයේ නවතම දත්ත පෙන්නුම් කරන්නේ සම්පූර්ණයෙන්ම රජය විසින් අරමුදල් සපයනු ලබන රජයේ රෝහල් භාවිතා කරන රෝගීන් සංඛ්‍යාව 2017 සහ 2022 අතර කාලය තුළ ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි.

2022 මූල්‍ය වර්ෂය තුළ රජයේ රෝහල්වලට ඇතුළත් වූ සංඛ්‍යාව මිලියන 6.8ක් සහ පෞද්ගලික රෝහල්වලට ඇතුළත් වූ සංඛ්‍යාව මිලියන 4.7ක් ලෙසට වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥ ස්ටීවන් ඩකට් පෙන්වා දෙන්නේ ස්වයං අරමුදල් සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ගයක් නොවන බවයි.

ඔහුගේ මතය අනුව, ස්වයං අරමුදල් සෞඛ්‍ය සේවාවට යෙදවිය යුතු වන්නේ යම් ඉපැයීමේ හැකියාවක් සහ ශක්තිමත් සංවිධානාත්මක කුසලතා ඇති පුද්ගලයින් පමණක් බවයි.

එබැවින් Medicare වැනි රජයේ සෞඛ්‍ය සේවා උපකාර ලබා ගැනීම වැදගත් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »