ජීවිත 3ක් අහිමි කළ අධිවේගයේ රිය අනතුර

බ්‍රිස්බේන් නගරයට උතුරින් පිහිටි මේරිබොරෝ හි බෲස් අධිවේගී මාර්ගයේ වාහන පහක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 10 ට පමණ වෝකර් වීදිය මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් තිදෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුරත් සමග වාහන දෙකක් ගිනිගෙන විනාශ වී ඇතැයි ද සඳහන්.

අනතුරට සම්බන්ධ තත්ත්වයන් පිළිබඳව පොලිසිය සිදු කරන විමර්ශන හේතුවෙන් බෲස් අධිවේගී මාර්ගය අද සවස 2 දක්වා වසා දැමීමට පියවර ගෙන තිබුණා.

පොලිසිය සඳහන් කළේ ලිතියම් බැටරි රැගත් ට්‍රක් රථ දෙකක් අනතුරත් සමග ගිනිගෙන පුපුරා ගිය බවයි.

ගින්න පාලනය කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිනි නිවන සහ හදිසි සේවා පියවර ගෙන තිබුණා.

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »