Search

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අලුත් තනතුරු කිහිපයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව තනතුරු 3ක් සඳහා පත්කිරීම් සිදු කළ බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක, ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග සහ භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝට(ර්) පත්කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම පත්කිරීම් විධායක කමිටුව විසින් ද අනුමත කර ඇති බවයි. .

ජාතික වේග පන්දු පුහුණුකරු ලෙස පත් කළ අනුෂ සමරනායක තුන්වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන අතර 2008 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වේග පන්දු පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

ඔහු වසර දෙකක කාලයක් සඳහා පසුගිය 6 වනදා වැඩ භාරගත් අතර සියලුම ජාතික කණ්ඩායම්වල වේග පන්දු යැවීමේ අංශය කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

මේ අතර ක්‍රීඩා කාර්ය සාධන පෝෂණවේදියෙක් වන වෛද්‍ය හෂාන් අමරතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්වීමට පෙර කොළඹ ජාතික රෝහලේ සායනික පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර්වරයා ලෙස සේවය කරමින් සිටියා.

වසරක කාලයක් සඳහා පසුගිය පෙබරවාරි 6 වන දින පත් කරන ලද ඔහු 19න් පහළ කණ්ඩායම් මට්ටමේ සිට ජාතික කණ්ඩායම්වල පෝෂණ අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

භෞත චිකිත්සක ලෙසට පත් කෙරුණු ජොනතන් පෝටර් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සම්බන්ධ වීමට පෙර ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස සේවය කරමින් සිටියා.

ඔහු වසර දෙකක කාලයක් සඳහා මාර්තු 1 වන දින රාජකාරි භාර ගත් අතර 19න් පහළ කණ්ඩායම් මට්ටමේ සිට සියලුම ජාතික මට්ටමේ කණ්ඩායම් සමඟ ඔහු සේවය කිරීමට නියමිතයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »