
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
36 හැවිරිදි වේඩ් ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්ත ද ටස්මේනියාව වෙනුවෙන් සහ බිග් බෑෂ් ලීග් තරගාවලිවලට තවදුරටත් ක්‍රීඩා කරනු ඇති.
ටස්මේනියාව වෙනුවෙන් ෂෙෆීල්ඩ් පලිහ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමෙන් ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිතයි.

මැතිව් වේඩ් තවදුරටත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සීමිත පන්දු වාර තරගවලට ක්‍රීඩා කරන අතර එළඹෙන ජුනි මාසයේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා ද ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.
ඔහු 2012 සිට 2021 දක්වා වූ වෘත්තීය ක්‍රිකට් ජීවිතය තුළ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 36කට ක්‍රීඩා කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කළ ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩකයා සඳහන් කළේ තම වෘත්තීය ජීවිතය පුරා පවුලේ සාමාජිකයන් සිදු කළ කැපකිරීම්වලට ස්තූතිවන්ත වන බවයි.