ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන ලහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඔහු ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී ලොරියක මුහුණට මුහුණලා ගැටීමෙන් අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ලහිරු තිරිමාන්නට අමතරව මෝටර් රථයේ ගමන් කළ තවත් තුන්දෙනෙකු, ලොරියේ රියදුරා සහ එහි සිටි තවත් අයෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුලත් කෙරුණා.

අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ඔහුට නින්දයෑමත් සමග ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටී ඇතැයි සඳහන්.

අද (14) උදෑසන 7.45ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ ලහිරු තිරිමාන්න, ඔහුගේ පවුලේ අය සහ ලොරි රථ රියදුරා ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

ඒ අතර ලහිරු තිරිමාන්නගේ මව සහ රියැදුරා ද වන බව සඳහන්.

මෙම අනතුරින් තිරිමාන්න ගමන් ගත් මෝටර් රථයට සහ ලොරි රථයට ද දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ලහිරු තිරිමාන්නට බරපතල තුවාල සිදුව නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ක්‍රිඩක ලහිරු තිරිමාන්න ඇතුළු පිරිස මහනුවර සිට අනුරාධපුරයට එමින් සිටියදි මෙලෙස අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »