Search

බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති T20 තරගාවලිය දෙකට එකක් ලෙසට ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගය T20 ලකුණු 28කින් ජය ගනිමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

තම 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක වනිඳු හසරංග ලකුණු 15ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 19ක් රැස් කළා.

ලකුණු 175ක ඉලක්යක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අද හැකියාව ලැබුණා.

නුවන් තුෂාර අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු වාර්තා අතරට එක් වුණේ 20-20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 5 වන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසින්.

බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණයි.

ඒ අනුව මෙම තරගාවලියේ ජය දෙකට එකක් ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.

තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් ද සිදු කර තිබුණා.

අවිශ්ක ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක අද කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර වනිඳු හසරංග, ධනංජය ද සිල්වා සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවීමටයි පියවර ගෙන තිබුණේ

මතීෂ පතිරණ දෙවන තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනුයි කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 13 වනදා චිතගොන්හිදී ආරම්භ වීමට නියමිතයි.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »