ප්‍රවීණ රංගන ශිල්පිණියක් මෙන්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්.
කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර ඉතා ජනප්‍රිය මෙන්ම විශිෂ්ඨ ගනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස නොමැකෙන නමක් තබා තිබෙනවා.
ගුවන් විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ද රංගන ශිල්පිනියක ලෙස ඇය කටයුතු කළා.
අභාවප්‍රාප්ත රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.