
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2020/21 පුහුණු සංක්‍රමණික වීසා (190,491) නාම යෝජනා වැඩසටහන (BMSQ) පෙබරවාරි 01 වනදා සිට විවෘත වේ.
මේ අනුව, BMSQ වැඩසටහන මඟින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සඳහා උනන්දුවක් දක්වන අය පෙබරවාරි 01 වනදාට පසු EOI ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටී.
තවද, 491 කුඩා පරිමාණ ව්‍යාපාර වීසා කාණ්ඩය (491- SBO (Small Business Owner) Pathway) සඳහා අයදුම් කිරීමට අපේක්‍ෂිත අයට EOI ඉදිරිපත් කිරීමට පලමුව පහත සඳහන් අයදුම්පත පිරවීම අනිවාර්‍ය වේ.

BSMQ ව්‍යාපාර වැඩසටහන දැනටමත් විවෘතයි. ඒ යටතේ පහත වීසා කාණ්ඩයන්ට ප්‍රමුඛතාවය ලබා දී ඇත.

188 Innovation Stream
132 Significant Business History Stream
188 Significant Investor Stream
188 Entrepreneur Stream
BSMQ විසින් රැකියා උත්පාදනය කරන ව්‍යාපාරවලට ප්‍රමුඛතාවය දෙනු ඇත. තවද, කොරෝනා වසංගතය හමුවේ ප්‍රතිසාධන කර්මාන්ත සඳහා සහාය වනු ඇත. නැතහොත් ප්‍රාදේශීය ප්‍රදේශයක පිහිටන ව්‍යාපාර සඳහා වැඩි අවධානය යොමු වේ.
වැඩි විස්තර: https://migration.qld.gov.au/
COMMENTS