Day: January 26, 2021

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2020/21 පුහුණු සංක්‍රමණික වීසා (190,491) නාම යෝජනා වැඩසටහන (BMSQ) පෙබරවාරි 01 වනදා සිට​ විවෘත වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2020/21 පුහුණු සංක්‍රමණික වීසා (190,491) නාම යෝජනා වැඩසටහන (BMSQ) පෙබරවාරි 01 වනදා සිට​ විවෘත වේ. මේ අනුව, BMSQ වැඩසටහන මඟින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සඳහා උනන්දුවක් දක්වන අය පෙබරවාරි 01 වනදාට පසු EOI ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටී. තවද​, 491 කුඩා පරිමාණ ව්‍යාපාර වීසා කාණ්ඩය (491- SBO (Small Business Owner) Pathway) සඳහා අයදුම් කිරීමට අපේක්‍ෂිත අයට EOI ඉදිරිපත් කිරීමට පලමුව පහත සඳහන් අයදුම්පත පිරවීම අනිවාර්‍ය වේ. 491-SBO Assessment Form  BSMQ ව්‍යාපාර

Read More »

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කොරෝනා එන්නත ලැබෙන්නේ කවදාද​?

චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය​ (TGA) විසින් ෆයිසර් කොරෝනා එන්නත ඕස්ට්‍රේලියාවේ සිටින ජනතාවට ලබා දීමට​ සඳහා තාවකාලිකව අනුමත කර ඇති බව තහවුරු කර තිබේ. මේ අනුව​, පෙබරවාරි අග සිට සතියකට කොරෝනා එන්නත් මාත්‍රා 80,000 ක් ලබා ගත හැකිය. මේ අනුව​, ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා එන්නත ලබා දීමේ පියවරයන් 5ක් හඳුන්වා දී ඇති අතර පළමු අදියරේදී නිරෝධායන සහ දේශ සීමාවන්හි සේවයේ නිරතවන්නන්, ප්‍රමුඛ පෙළ​ සෞඛ්‍ය සේවාවන්හි නිරතවන්නන් සහ වයස්ගත හා ආබාධිත සත්කාර සේවකයින් සහ පදිංචිකරුවන් සඳහා කොරෝනා

Read More »