ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කොරෝනා එන්නත ලැබෙන්නේ කවදාද​? – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කොරෝනා එන්නත ලැබෙන්නේ කවදාද​?

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට කොරෝනා එන්නත ලැබෙන්නේ කවදාද​?

චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය​ (TGA) විසින් ෆයිසර් කොරෝනා එන්නත ඕස්ට්‍රේලියාවේ සිටින ජනතාවට ලබා දීමට​ සඳහා තාවකාලිකව අනුමත කර ඇති බව තහවුරු කර තිබේ.

මේ අනුව​, පෙබරවාරි අග සිට සතියකට කොරෝනා එන්නත් මාත්‍රා 80,000 ක් ලබා ගත හැකිය.

මේ අනුව​, ඕස්ට්‍රේලියානු රජය විසින් කොරෝනා එන්නත ලබා දීමේ පියවරයන් 5ක් හඳුන්වා දී ඇති අතර පළමු අදියරේදී නිරෝධායන සහ දේශ සීමාවන්හි සේවයේ නිරතවන්නන්, ප්‍රමුඛ පෙළ​ සෞඛ්‍ය සේවාවන්හි නිරතවන්නන් සහ වයස්ගත හා ආබාධිත සත්කාර සේවකයින් සහ පදිංචිකරුවන් සඳහා කොරෝනා එන්නත ලබා දීමට නියමිතයි.

දෙවන අදියරේදී සෞඛ්‍ය සේවකයින්, වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්, වයස අවුරුදු 55ට වැඩි ආදිවාසීන්ට​, ආබාධිත තරුණ පිරිසට සහ දැඩි අවදානම් කාර්‍යයන්හි නිරතවන්නන්ට මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.

තෙවන අදියරේදී, වයස අවුරුදු 50ට වැඩි සියලුම වැඩිහිටියන්ට​, වයස අවුරුදු 18-54 අතර ආදිවාසීන්ට සහ අනෙකුත් සියලුම අවදානම් කාර්‍යයන් හි නිරතවන පුද්ගලයින්ට එන්නත ලබා දීමට නියමිතයි.

4වන අදියරේදී අනෙකුත් සියලුම වැඩිහිටියන්ට සහ 5වන අදියරේදී අවුරුදු 16ට අඩු ළමුන්ට කොරෝනා එන්නත ලබා දීමට සූදානම් වේ.

COMMENTS