Search

පැට් කමින්ස්ට තවත් ලොකු වගකීමක්

එළඹෙන IPL තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස ඔස්ට්‍රේලියානු ලෝක ශූර කණ්ඩායම් නායක පැට් කමින්ස් නම් කර තිබෙනවා.

ඒ පසුගිය තරඟාවලියේ දී එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබු දකුණු අප්‍රිකාවේ ඒඩියන් මාක්‍රම් වෙනුවටයි.

පැට් කමින්ස් IPL කණ්ඩායමක් මෙහෙයවන පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ. ඔහු මීට පෙර මෙවැනි ඉහළ පෙළේ T20 කණ්ඩායමක් මෙහෙයවා නැහැ.

කෙසේ වෙතත් මෑත කාලය තුළ සාර්ථකම ඔස්ට්‍රේලියානු නායකයා බවට පත්ව සිටින පැට් කමින්ස්, ටෙස්ට් ලෝක ශූරතාව සහ 2023 එක්දින ලෝක කුසලානය ද ඔස්ට්‍රේලියාවට දිනා දුන්නා.

ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී ඩුබායි හි පැවති IPL වෙන්දේසියේදී, ඉන්දීය රුපියල් කෝටි 20කට වැඩි වාර්තාගත මුදලකටයි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේ.

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා IPL වෙන්දේසියකදී ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලකට අලෙවි වූ පළමු ක්‍රීඩකයා වුව ද කොල්කටා නයිට් රයිඩර්ස් විසින් මිචෙල් ස්ටාක් සමග ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඉතිහාසයේ වඩාත්ම මිල අධික ක්‍රීඩකයා ලෙස කමින්ස්ගේ වාර්තාව පැවතියේ පැයක් පමණයි.

කොල්කටා නයිට් රයිඩර්ස් විසින් ක්‍රීඩක මිචෙල් ස්ටාක් මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 24.75 ක මුදලකටයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »