ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට පාඩමක්

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

සිල්හිට්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම තුන්වැනි කඩුල්ලට ලකුණු 96ක් සහ චරිත් අසලංක සමගින් සදීර සමරවික්‍රම සිවුවන කඩුල්ලට නොබිඳුණු ලකුණු 73ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 59යි. අවසන් පන්දුවාර කිහිපයේදි වේගවත් ඉනිමක් දියත් කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 61ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 44ක් රැස් කළා.

ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 68ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

මහමුදුල්ලා ලකුණු 54ක් සහ ජේකර් අලි ලකුණු 68ක් රැස් කළ ද එය බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුයේ නැහැ.

මෙම තරගයේදී මතීෂ පතිරණ දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ලකුණු 19ක් ලබාදීම කැපී පෙනුණු සිදුවීමක්.

බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් ලබා ගත යුතුව තිබූ අතර එම පන්දුවාරය ක්‍රියාත්මක කළ දසුන් ශානක පළමු පන්දුවේදී සහ තුන්වැනි පන්දුවේදී කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නේ අවසන් පන්දුවාරය ලකුණු 8කට සීමා කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු 20-20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක හා බිනුර ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ගත්තා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය හෙට සිල්හිට් හිදී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »