Search

පැතුම් නිස්සංක ලොව හොඳම ක්‍රීඩකයන් තිදෙනා අතරට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පෙබරවාරි මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාම යෝජනා අතරට ඇතුලත් වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා මෙම සුපිරි ක්‍රීඩකයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ.

නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන් සහ ඉන්දියාවේ යශස්වි ජයිශ්වාල් සෙසු ක්‍රීඩකයන් දෙදෙනායි.

ඒ අතරින් හොඳම ක්‍රීඩකයා අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා තෝරා ගැනෙනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ලබාගත් ද්විත්ව ශතකය පැතුම් නිස්සංක මෙලෙස නම් කිරීමට හේතුවයි.

ඔහු ලබා ගත් ද්විත්ව ශතකය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් එක්දින තරගයකදී රැස්කළ ප්‍රථම ද්විත්ව ශතකය ලෙසටයි සැලකෙන්නේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »