Search

කැනඩාවේදි මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුලේ අයට සහාය වෙන්න ඔස්ට්‍රේලියාවේ ඔබටත් අවස්ථාව

කැනඩාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු වූ පියුමාල්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් උපකාර කිරීම සදහා ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ ලෝකයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක් වී තිබෙනවා.

පියුමාල්ගේ බිරිඳ රසිකා ස්ටුඩන්ට් වීසා බලපත්‍රයක් ලබා ගැනීමත් සමඟ ඔවුන් පසුගිය 2023 වසරේ කැනඩාවේ වැන්කුවර් බලා පිටත්ව යන්නේ තම දරු තිදෙනාගේ ද සාර්ථකත්වයට මග පාදා ගැනීමේ අදිටනින්.

නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය ජනවාරි 30 වනදා පියුමාල්ට ඇතිවූ දරුණු හෘදයාබාධ තත්වයක් සමඟ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා බරපතල ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

සැත්කම්වලින් පසු කෝමා තත්වයට පත්ව සිටි මෙම ශ්‍රී ලාංකිකයා පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් අවශ්‍ය මුදල් සොයා ගැනීමටයි ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිස එක්වී ඇත්තේ.

මෙම හදිසි සිදුවීම ඔවුන්ගේ පවුලේ සිහින බිඳ දැමූ අතර බිරිඳ සහ දරුවන් පත්ව ඇත්තේ අවිනිශ්චිතතාවයකටයි.

තම දරුවන් රැකබලා ගැනීම සහ නිවසේ වගකීමට උරදී සිටින පියුමාල් බිරිඳ මේ වන විට විශාල අභියෝග රැසකට මුහුණ දී සිටිනවා.

මෙම දුෂ්කරතා හමුවේ පවුලට සැනසීමක් ලැබෙන්නේ ආදරණීයයන්, මිතුරන් සහ ප්‍රජාවගේ සහයෝගයෙන්.

මියගිය පියුමාල්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ කැනඩාවේදී සිදු කෙරුණා.

දරුවන්ගේ සහ තම අධ්‍යයන කටයුතු හේතුවෙන් ඔහුගේ බිරිඳට ලබන සැප්තැම්බර් මාසය දක්වා කැනඩාවේ රැඳී සිටීමට සිදුවන අතර ඒ අතර කාලසිීමාව වෙනුවෙන් ඔවුන්ට සහාය දීම වෙනුවෙනුයි මෙලෙස අරමුදලක් පිහිටුවා ඇත්තේ.

පහත ලින්ක් එකට පිවිසීම මගින් ඔබට ද ඒ සඳහා දායකත්වයක් ලබාදිය හැකියි.

https://gofund.me/193f5182

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »