Search

ජීවිත 43ක් අහිමි කළ ගින්න

බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 43 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

බංගලාදේශ ගිනි නිවීමේ ආයතනයේ ප්‍රධානියා පැවසුවේ ගින්න ගෑස් කාන්දුවකින් හෝ උඳුනකින් හටගන්නට ඇති බව ට සැක කෙරෙන අතර ආපන ශාලාවකින් ආරම්භ වූ ගින්න අනෙකුත් මහල්වලට පැතිර ගිය බවයි.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර 22 දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල්වල ප්‍රතිකාර ලබන බව
එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

පිලිස්සුම් තුවාල සහිතව ඇතුළත් කළ පුද්ගලයන් 22 දෙනාම අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්.

බොහෝ විට නිසි ආරක්ෂක විධිවිධාන නොමැතිව ඉදිකරන ලද නව ගොඩනැගිලි හේතුවෙන් ජනාකීර්ණ ඩකා නුවර ගිනි ගැනීම් බහුලව දක්නට ලැබෙනවා.

දෝෂ සහිත ගෑස් සිලින්ඩර, වායු සමීකරණ සහ අවිධිමත් විදුලි රැහැන් හේතුවෙන් ද බංග්ලාදේශයේ ගිනි ගැනීම් හා පිපිරීම් සිදුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »