Search

අයවැයෙන් වාර්තා තැබූ රොනී ද මෙල් දිවි ගමනට සමුදෙයි

ශ්‍රී ලංකාවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 99ක් බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.

1977 වසරේ සිටි 1988 වසර දක්වා එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍ය ධුරය දැරූ ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අය වැය 11ක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයෙක් වනවා.

වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන අතර ඒ, රොනී ද මෙල් සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනායි.

ඔවුන් දෙදෙනා ම අවස්ථා 11 බැගින් අයවැය ඉදිරිපත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »