ඔස්ට්‍රේලියාව 100 වන T20 තරග ජයග්‍රහණය වාර්තා කරයි

T20 ක්‍රිකට් තරග ඉතිහාසයේ 100වන ජයග්‍රහණය වාර්තා කරන්නට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් T20 තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 27කින් ජය ගැනීමත් සමගයි.

මෙම ජයත් සමග සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගාවලිය ද 3ට බින්දුවක් ලෙසට ජයගනු ලැබුවා.

එමෙන්ම මෙම ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව අඛණ්ඩව ලැබූ 5 වනT 20 ජයග්‍රහණය ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ.

ඔක්ලන්ඩ්හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 10යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 118ක් ලබා සිටියා.

අයහපත් කාලගුණික තත්වය හමුවේ නවසීලන්තයට තරගය ජය ගැනීම සඳහා පන්දුවාර 10ක් තුළ ලකුණු 126ක් ලබා ගත යුතු බවටයි ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තීරණය කෙරුණේ.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවි ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 98ක් පමණයි.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 29 වනදා වෙලින්ටන්හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »