මෙල්බර්න් නුවර ගින්නකින් පෞරාණික බෞද්ධ විහාරයකට දැඩි හානි

දකුණු මෙල්බර්න් හි ඓතිහාසික චීන විහාරස්ථානයක ඇති වූ ගින්නකින් ඊට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

සෙනසුරාදා රාත්‍රී 8 ට පමණ ගොඩනැගිල්ලේ ඉහළ මහලක ගින්න හටගෙන ඇති අතර අනතුරුව ගිනි නිවන භටයින් කැඳවා ඇති බවයි වාර්තා වූයේ.

වසර 150 ක් පැරණි මෙම චීන විහාරස්ථානයේ ගින්න පාලනයට ගිනි නිවන භටයින් 30 දෙනෙකුට විනාඩි 45ක පමණ කාලයක් ගත වී තිබෙනවා.

ගිනි නිවන භට කණ්ඩායමේ අණදෙන නිලධාරී මිච් සයිමන්ස් පැවසුවේ ගොඩනැගිල්ලේ අභ්‍යන්තරයට විශාල හානියක් සිදුව ඇති බවයි.

ඇතුළත ඉතා අලංකාර දැව නිර්මාණ රැසක් ඇති මෙම විහාරස්ථානයේ ප්‍රධාන කොටස ගින්නෙන් හා දුමෙන් මෙන්ම ජලයෙන් ද දැඩි ලෙස හානි වී තිබෙනවා.

ගින්න ඇති වන විට විහාරස්ථානයේ අභ්‍යන්තරයේ කිසිවෙකුත් සිට නොමැති අතර කිසිවකුට අනතුරක් සිදුවීමක් වාර්තා වී නැහැ.

රසායන විද්‍යාඥයින් විසින් ගොඩනැගිල්ල පරීක්ෂා කිරීමට නියමිත අතර ගින්න පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට තොරතුරු දැනුම් දෙන ලෙසටයි වික්ටෝරියා පොලිසිය ඉල්ලා ඇත්තේ.

පෞරාණික විහාරස්ථානය 1866 දී ඉදිකරන ලද අතර එය ඔස්ට්‍රේලියාවේ තවමත් භාවිත කෙරෙන පැරණිතම චීන බෞද්ධ විහාරය ලෙසටයි සැලකෙන්නේ.

එය ඓතිහාසික හා වාස්තුවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ගොඩනැගිල්ලක් ලෙස 1978 දී ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුලත් කෙරුණා.

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »