Search

Taylor Swiftගේ ප්‍රසංගයක් නරඹන්න ගිය තරුණියකට අත්වූ අවාසනාවන්ත ඉරණම

මෙල්බර්න් නුවර පැවති ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට යන අතරමග රිය අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබූ තරුණියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සවස 6 ට පමණ සිදුවූ මෙම අනතුරින් තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ඇය මිය ගිය බව රෝහල් බලධාරීන් තහවුරු කර ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවන බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඩබ්බෝ ප්‍රදේශයේ දී මම අනතුර සිදුවූ අතර තුවාල ලැබූ තරුණියක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම තරුණ පිරිස මෙල්බර්න් හි ටේලර් ස්විෆ්ට් ප්‍රසංගය නැරඹීමට ගෝල්ඩ් කෝස්ට් සිට යමින් සිටියදි අනතුරට ලක්ව ඇති බවට හෙළිවී තිබෙනවා.

ඔවුන් ගමන් ගත් SUV රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇති බව සඳහන්.

SUV රථයේ ඉදිරි අසුනේ ගමන් කළ 16 හැවිරිදි තරුණ දැරියක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර මෝටර් රථයේ පිටුපස සිටි 10 හැවිරිදි දැරියක් ද අසාධ්‍ය තත්ත්වයෙන් වෙස්ට්මීඩ් රෝහලට ගුවනින් රැගෙන ගොස් තිබුණා.

මෝටර් රථයේ සහ ට්‍රක් රථයේ රියදුරන් දෙදෙනා සුළු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »