
ඔස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටි ළමුන් 10 දෙනෙක් අතුරින් එක් අයෙක් දෙමාපියන් සමග නැවත පදිංචිය සදහා යොමුව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
පුද්ගලයන් 1073ක් අදාළ කරගනිමින් සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ පසුගිය මාස 12ක කාලය තුල සියයට 10කට වැඩි පිරිසක් නැවත දෙමාපිය නිවෙස් වෙත යොමුව ඇති බවයි.
එලෙස ආපසු පැමිණෙන ළමුන් අතුරින් සියයට 30ක් යළි පැමිණ ඇත්තේ දැරිය නොහැකි නිවාස කුලී හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

තවත් සියයට 30ක පිරිසක් නව නිවාස තැම්පතු සඳහා මුදල් ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපිය නිවෙස් වෙත පැමිණ ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
අධික ජීවන වියදම හමුවේ තම වියදම් නිසි පරිදි කළමණාකරණය කරගනිමින් ස්වාධීනව ජීවත් වීමට නොහැකි වීම ද ළමුන් දෙමාපියන් වෙත පැමිණීමේ ප්‍රමුඛතා අතර පවතින බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

රැකියාව අහිමි වීම, රැකවරණය අහිමි වීම් ඇතුලු හේතූන් මුල් කරගනිමින් ද තරැණ ප්‍රජාව දෙමාපියන් වෙත පැමිණීමේ සම්භාවිතාව ඉහලගොස් තිබීම විශේෂත්වයක්.