Search

නිවසේ සූර්ය විදුලි පද්ධතියක් ස්ථාපිත කර ගන්න දැවැන්ත සහනයක්

නිවෙස්වල සූර්ය විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලයන ගණනක සුවිශේෂී වට්ටම් ලබා දීමට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

නිවාස ඒකකයන්හි විදුලි බිල්පත් ගාස්තු අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර වට්ටම් දීමනා ආරම්භ කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

මෙම වැඩසටහන යටතේ පවුලේ ආදායම් මට්ටම සහ සුදුසුකම් මත ඩොලර් 4000ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාව පවතින අතර සෝලා පද්ධතිවලට අදාළ ටෙන්ඩර් ද මේවන විට කැඳවා තිබෙනවා‍.

අඩු ආදායම් ලාභී පවුල් ඒකක සඳහා සූර්ය පැනල මිලදී ගැනීමේදී පැවති බාධා මේ යටතේ අවසන් වන අතර නව යෝජනා ක්‍රමය මගින් සැමට සහනදායි වට්ටම් හිමිවනු ඇති.

මෙම ව්‍යාපෘතිය වඩාත් ඵලදායි සහ ආරක්ෂිතව කරගෙන යෑම සඳහා බලශක්ති අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බවයි ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සඳහන් කර ඇත්තේ.

නව ව්‍යාපෘතිය සඳහා ‌ඩොලර් මිලියන 12ක මුදලක් වෙන් කර ඇති අතර පවුල් 4000කට ඉන් ප්‍රතිලාභ හිමිවනු ඇති බව ද සඳහන්.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »