ඔස්ට්‍රේලියාවේ පිහිටි Commonwealth බැංකු ශාඛා 3ක් වැසෙයි

ඔස්ට්‍රේලියාව තුළ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු ශාඛා තුනක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටි එම ශාඛා ලබන මාර්තු පළමුවනදාට පෙර වසා දැමීමට නියමිතයි.

මෙලෙස වසාදැමීමට ලක්වන්නේ නිව් සවුත් වේල්ස් හී පිහිටි කෝජි ශාඛාව, ක්වින්ස්ලන්ඩ් හී කූලංගට්ටා ශාඛාව සහ ඇඩිලේඩ් හී පිහිටි රන්ඩල් මෝල් යන ශාඛා තුනයි.

අදාළ ශාඛාවල පාරිභෝගික ඉල්ලු අඩුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව දැනුම් දී ඇත්තේ.

ඇඩිලේඩ් හි  පිහිටි ශාඛාව පසුගිය වසර පහ තුළ ගනුදෙනු වලින් සියයට 47ක් පහත වැටී තිබුණා.

කෝජි ශාඛාව පසුගිය වසර පහ තුළ ගනුදෙනු වලින් සියයට 52කින් පහත වැඩි ඇති අතරඑම කාලය තුළ කූලංගට්ටා ශාඛාවේ ගනුදෙනු සියයට 29 කින් පහත වැටී ඇති බව සඳහන්.

වැසීමට නියමිත ශාඛා තුනෙහි දැනට සේවය කරන සේවකයින්ගේ සුදුසුකම් මත වෙනත් ශාඛා වෙත මාරුකර ඇති බවද වැඩිදුරටත් සදහන් වෙනවා.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »