අවුරුදු 4ට අඩු ළමුන් e-දුම්වැටි භාවිතය සම්බන්ධ වාර්තාවීම් 50ක්

තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කළ ද නීති විරෝධී ව්‍යාපාර යටතේ ආනයනය සිදු වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පසුගිය වසර තුල ඔස්ට්‍රේලියාවේ අලුතින් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට ඇබ්බැහි වු පුද්ගලයින් සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය දෙසැම්බර් මස සිට මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 4කට වැඩි පිරිසක් e-දුම්වැටි භාවිත කර ඇති බව සඳහන්.

ආනයන තහනම පැණවිමත් සමග ඒ සඳහා ඇබ්බැහි වුවන් නීති විරෝධි ව්‍යාපාර ඔස්සේ වැඩි මිල ගණන්වලට ඉලෙක්ට්‍රොනික දුම්වැටි මිලදී ගන්නා බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර වන විට ඔස්ට්‍රේලියාව පුරා ලක්ෂ 17කට වැඩි පිරිසක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කර තිබෙනවා.

ඒ අතුරින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සියයට 470කින් e-දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තය සියයට 355 කින් සහ බටහිර ඔස්ට්‍රේලියාව සියයට 329 කින් ඉහළ ගොස් තිබුණා.

පසුගිය මාස 12 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු හතරට අඩු ළමුන් e-දුම්වැටි භාවිත කර ඇති බවට ඇමතුම් 50ක් ලැබී ඇති බව සදහන්.

මෙලෙස නීති විරෝධි e- දුම්වැටි භාවිතයෙන් පෙණහලු විනාශ කරන රසායනික ද්‍රව්‍ය 200ක් පමණ ශරීර ගතවන බවයි වාර්තා වන්නේ.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »