සිසුන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස සකසා බෙදා හැරි ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට

රහසිගතව තම සිසුන්ගේ ඡායාරූප ලබා ගෙන අසභ්‍ය ඡායාරූප ලෙස විකෘති කර, පුද්ගලයින් අතර බෙදා හැරි පාසැල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්වින්ස්ලන් ප්‍රාන්තයේ ගුරුවරයෙක් වන අතර විමර්ශන යලදී හෙළිව ඇත්තේ වසර 4ක කාලයක් සිට මොහු මෙම ක්‍රියාවේ නිරත වී ඇති බවයි.

43 හැවිරිදි සැකකාර ගුරුවරයා බ්‍රිස්බේන් හි දිසා අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව සිරභාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

16 හැවිරිදි පාසැල් සිසුවෙකුට ලිංගික ඉරියව් ආකාරයෙන් පෙනී සිටින ලෙස බලකිරීමේ සිද්ධියත් සමග මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු මෙලෙස විකෘති කල  ඡායාරූප 107ක් පුද්ගලයින් 49 දෙනෙකුට යවා ඇති බවයි වාර්තා වන්නේ.

රහසිගතව ළමා ඡායාරූප ලබා ගැනීම ඒවා විකෘති කරමින් බෙදාගැරීම, ළමා ලිංගික හිංසනය යන චෝදනා  යටතේ ඔහු වරදකරු වී තිබෙනවා.

සැකකාර ගුරුවරයා අතඩංගුවට ගන්නා අවස්ථාවේදී ක්වින්ස්ලන්ඩ් හී වයඹ දෙසින් පිහිටි පාසලක ක්‍රීඩා ප්‍රධානියා ලෙස සේවය කර ඇති බව සදහන්.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »