ඔස්ට්‍රේලියාවේ ගුරුවරු 180ක් වෘත්තිය හැරයන්න සුදානම්

ගුරු පුරප්පාඩු හේතුවෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව පාසැල් වාරයේ අධ්‍යයන කටයුතු රැසකට බාධා මතුව තිබෙනවා.

මේ හේතුවෙන් නව විෂය කාණ්ඩ යටතේ වූ  විෂයන් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් මඟ හැරී ඇති බවයි වාර්තා වන්නේ.

පවතින හිඩැස් පිරවීම සඳහා විශය දැනුම නොමැති ගුරුවරුන් යොදා ගැනිම පාසැල් පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතර අධයාපනඥයින් පවසන්නේ එය වඩාත් නුසුදුසු බවයි.

පවතින ගුරු පුරප්පාඩු සඳහා විසදුම් නොදෙන්නේ නම් දැනට සේවයේ නියුතු ගුරුවරුන් 180ක් පමණ තම සේවා වලින් ඉවත් වන බව අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාදේශීය පාසල් තුනක් අඛණ්ඩව සිව්වන වසරයට විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් සහිතව නව පාසැල් වාරය ආරම්භ කර ඇති බව සදහන්.

මෙම ගුරු හිගය ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට පමණක් සීමා වු ගැටලුවක් නොව සමස්ථ ඔස්ට්‍රේලියාවටම බලපාන කරුණක් වන අතර මේ සඳහා තිරසර විසිදුමක් ෆෙඩරල් රජයේ මැදිහත්වීමෙන් ලබා දිය යුතු බව අධ්‍යාපනවේදීන් අවධාරණය කළා.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »