ඔස්ට්‍රේලියාවේ පර්ත් සිසුන්ට පොදු ප්‍රවාහන සේවා සියල්ල නොමිලේ

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පාසල් සිසුන් සදහා පොදු ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නොමිලේ පොදු ප්‍රවාහන සේවා පෙබරවාරි මස 5වනදා සිට ක්‍රියාත්මක වන අතර අධික ජීවන වියදම හමුවේ පීඩා විදින දෙමාපියන්ට සහනයක් ලබාදීම මෙහි අරමුණයි.

2024 වසරේ පර්ත් නගරයේ පළමු සහන පැකේජය මෙය වන අතර ඉදිරීයේ පර්ත් වැසියන්ට තවත් සහන ලබා දීම ප්‍රාන්ත රජයේ අරමුණ බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය රොජර් කුක් සදහන් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තය පුරා සිටින පාසැල් සිසුන්ට නොමිලේ පාසලට පැමිණීමට සහ ආපසු යාමට පොදු බස් රථය මගින් හෝ දුම්රිය මගින් නොමිලේ සේවා ලබා ගත හැකියි.

මේ සදහා ඩොලර් මිලියන 10 ප්‍රතිපාදන ද වෙන් කර තිබීම විශේෂත්වයක්.

මෙලෙස පොදු ප්‍රවාහනය සේවා පාසැල් සිසුන් සදහා ලබාදීම මගින් දෙමාපියන්ට ඩොලර් 300ක වියදම් ඉතිරි වනු ඇති.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »