පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝක ප්‍රකට “මොනාලිසා” සිතුවම වෙතට විරෝධතාකරුවන් පිරිසක් විසින් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදුරුවලින් ආරක්ෂා කර ඇති මොනාලිසා සිතුවමට තැඹිලි පැහැති සුප් ඉසිමින් ඔවුන් “සෞඛ්‍ය සම්පන්න තිරසාර ආහාර සඳහා වන අයිතිය” ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් වෙඩි නොවදින ආකාරයට ආවරණය කර ඇති එම සිතුවමට මෙම ප්‍රහාරයෙන් හානියක් සිදුව නැහැ.
විරෝධතාව දක්වමින් කාන්තාවන් දෙදෙනෙකු විසින් තැබිලි පැහැති සුප් සිතුවමට විසිකර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අතඩංගුවට ගෙන ඇති අතර ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය රචිඩා ඩැටි පැවසුවේ කිසිදු හේතුවක් මත මොනාලිසා සිතුවම ඉලක්ක කර ගැනීම සාධාරණීය කළ නොහැකි බවයි.