ඩොලර් 38000 වියදමින්, ජාන තාක්ෂණයෙන් බිහිවූ බෙලි නම් බළල් පැටවා

ඩොලර් 38000ක මුදලක් වැයකරමින් තම මියගිය සුරතලාට සමාන සත්වයෙක් ජාන තාක්ෂණයෙන් නිර්මාණය කිරීමට ඇමරිකානු කාන්තාවක් මුදල් වැය කර තිබෙනවා

ටෙක්සාස් හි පදිංචි කෙලී ඇන්ඩර්සන් වන ඇය තම මිය ගිය බළලාට සමාන බළලෙකු නිර්මාණය කිරීමේ අරමුණින් මෙලෙස මුදල් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ඇගේ සුරතල් බළල් පැටවා මියගොස් වසර 4ක් ගතවුවද එම අවධියේ සිට ක්ලෝනකරන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බෙලි ලෙස නම් කර ඇති මෙම ක්ලෝනකරණය හෙවත් ජානතාක්ෂණයෙන් නිර්මාණය කල බළල් පැටවා ඉතා සෞඛ්‍යසම්පන්නව සිටින බව සදහන්.

කෙලී ඇන්ඩර්සන් වැඩිදුරටත් සදහන් කළේ ක්ලෝනකරණයෙන් නිර්මාණය කළ බළල් පැටවා තම මියගිය සුරතලාට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

ජාන තාක්ෂණයෙන් සතුන් නිර්මාණය කිරීම 1996 වසරේ සිට ආරම්භ කර ඇති අතර ඩොලී නම් බැටලු පැටවා ලොව ප්‍රතම ජානතාක්ෂණයෙන් නිර්මාණය කළ සත්වයා වනවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »