ඔස්ට්‍රේලියා කාන්තා ටෙනිස් ශූරතාව බෙලරුසියාවේ අරීනා සබලෙන්කාට

2024 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගන්නට බෙලරුසියානු ක්‍රීඩිකා අරීනා සබලෙන්කාට සමත් වුණා.

සබලෙන්කා හමුවේ අවසන් තරගයේදී ලකුණු 6-3 සහ 6-2ක් ලෙස චීන ක්‍රීඩිකා Qinwen Zheng පරාජය වුණා.

අරීනා සබලෙන්කා පිට පිට දිනූ දෙවන ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතා ද මෙයයි.

අරීනා සබලෙන්කා ඉතිහාසගත වන්නේ ස්වාධීන ක්‍රිඩිකාවක් ලෙස තරගාවලියට සහභාගී වූ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළක් දිනූ ලොව පළමු ක්‍රිඩිකාව ලෙසයි.

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »