එක්දින පිටියේ ලකුණු 10000 සීමාව පසු කල 15න් 4ක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්

එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාව පසුකල පිතිකරුවන් අතර තුන්වන ස්ථානය ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් සමත්ව තිබෙනවා.

ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 13704ක් වනවා.

එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාව  පසුකල සුපිරි පිතිකරුවන් 15 දෙනා අතරින් ක්‍රීඩකයින් 11 දෙනෙක් ආසියානු පිතිකරුවන් වීම විශේෂත්වයක්.

පස්වතාවක් එක්දින ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු 10000සේ සීමාව පසුකිරීමට හැකිව ඇත්තේ එක් පිතිකරුවෙකුට වීම කාගේත් අවදානයට යොමුව තිබෙනවා.

 මෙම ශ්‍රේණිගත කිරීම් අනුව එම ලකුණු සීමාව පසු කිරීමට හැකිවූ පිතිකරුවන් අතුරින් 6 දෙනෙක් ඉන්දියාවෙන් වාර්තා වන අතර සචීන් ටෙන්ඩුල්කාර් සහා විරාට් කෝලී ඒ අතිරින් ප්‍රමුඛ පිතිකරුවන් වෙනවා.

එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාව පසුකල ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් 4 දෙනෙක් සිටින අතර කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සහ ටී.එම් ඩිල්ෂාන් ඇතුලත්.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »