ඔස්ට්‍රේලියාවේ විරැකියා සියයට 3.8කින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා වියුක්ති අනුපාතය සියයට 3.8කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මාසික වැඩ කරන පැය ගණන මිලියන 1928 දක්වා අඩු වි ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යංශ දත්ත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය දෙසැම්බර් මස පමණක් රැකියා විරහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ හැට නවදහසකින් (569000) ඉහළ ගොස් ඇති බව සඳහන්.

මෙහි විශේෂත්වය වන්නේ තරුණ විරැකියා අනුපාතය සියයට 9.4දක්වා ඉහළයෑමයි.

ජනගහනයට සාපේක්ෂව රැකියා වියුක්තිය ඉහළ යෑම පවතින ජීවන වියදම හමුවේ ආර්ථික අර්බුධයන් නිර්මාණය කරන බවයි ආර්ථික විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පිරිමි පාර්ශවයේ විරැකියාව තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රැකියා වියුක්තිය සියයට 4.4කින් ද ,වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 4කින් ද ,නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියයට 3.4කින් ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »