සුබසාධන දීමනා වැඩි නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.
ඔස්ට්‍රේලියා කැපිටල් ටෙරිටරි ස්වාධීන මන්ත්‍රී ඩේවිඩ් පොකොක් කියාසිටියේ රජයට ලැබෙන අතිරික්ත මුදල සුබසාධන දීමනා ලෙස වෙන්කළ හැකිද බවයි.
එහෙත් අග්‍රාමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු කියාසිටින්නේ බදු සංශෝධන මගින් මූල්‍ය අතිරික්තයක් ඇති නොවන බවයි.
ඔස්ට්‍රේලියාවේ මධ්‍ය ආදායම් ලබන්නන්ට දැඩි ආර්ථික පීඩනයක් තිබූ බවත් ඔවුන් ඉන් නිදහස් කරමින් සෙසු කණ්ඩායම්වලට ද සහන සැලසීම රජයේ ස්ථාවරය බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.