සර්ෆ් ලයිෆ් සේවින්ග් වෙත ලබාදෙන අරමුදල් අඩු කිරීමට වික්ටෝරියා රජය තීරණය කර තිබෙනවා.
ඒ ඩොලර් මිලියන ගණනකින් බවයි හෙරල්ඩ් සන් පුවත්පත වාර්තා කර තිබෙන්නේ.
එහෙත් එය සියයට දහයක ප්‍රමාණයක් බවයි වික්ටෝරියා රජය පවසන්නේ.
පසුගිය වසරේදී සර්ෆ් ලයිෆ් සේවින්ග් හි අය වැය හිඟය ඩොලර් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මේ වසරේදී අර්බුද රැසක් නිර්මාණය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.