ශ්‍රී ලංකාවේ අඩුම කාලයක් ඉර පායන ගම

ශ්‍රී ලංකාවේ අඩුම කාලයක් ඉර පායන ගම ලෙස කොහොනාවල ගම්මානය හැදින්වෙනවා.

එහි ගැමියන් හිරු එළිය දකින්නේ දිනකට පැය හයක් බවයි වාර්තා වන්නේ.

ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මඩොල්සිම ග්‍රාම නිලධාරී වසමේ වූ අතිදුෂ්කර ගම්මානය ලෙස කොහොනාවෙල හැදින්වෙනවා.

ජනප්‍රවාදයේ සදහන් වන පරිදි 1815දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සැඟව සිටීමට ආ කිහිප දෙනකුගෙන් කොහොනාවෙල ගමේ ආරම්භය සිදු වී ඇති බවට සඳහන්ව තිබෙනවා..

අද වන විට ගම්මානයේ පවුල් පනස්පහක් පමණ ගොවිතැනින් ජීවත් වෙනවා.

යහන්ගල, ගල්උල්ල, හයින්දම්මාගල සහ වියන්ගල යන කඳු පන්ති අතර බෑවුමක මේ ගම්මානය පිහිටා තිබෙනවා.

මේ ගමට ඉර පායන්න වෙලාව උදේ 9ට ආසන්න වන අතර කොහොනාවෙල ගමට එක් පාසලක් ඇති බව සදහන්.

කෙසේ වුවද මෙහි ගමේ දරුවන් බොහෝ දෙනෙක් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනයට සමු දෙනු ඇති.

ගමනාගමන දුශ්කරතා හා ආර්ථික අපහසුතා හේතුවෙන් ගම්මාන වැසියන් දැඩි දුශ්කරතාවයකට පත්ව ඇති අතර නගරයට හෝ රෝහලය යෑම සදහා වැඩි දුරක් පයින් යෑමය සිදුවන බව සදහන්.

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »