මෙල්බන් දුම්වැටි අලෙවිසලකට තවත් ප්‍රහාරයක්

මෙල්බන් හි දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තවත් අලෙවිසලකට ගිනි තබා තිබෙනවා.

අලුයම ඇති වූ ගින්නෙන් අලෙවිසැල  සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

නීති විරෝධී දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන්නන් අතර මෙල්බන් ආශ්‍රිතව ගැටුම් රැසක් ඇතිව තිබෙනවා. 

එහි ප්‍රතිඵලයක් ලෙස අලෙවිසල් රැසකට ප්‍රහාර එල්ල වුණා. 

මෙම ගිනි තැබීම පැය විසි හතරක් තුළ සිදු වූ තුන්වැන්න ලෙසයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මීට පෙර ගිනි තැබීම් දෙකකට සම්බන්ධ පස් දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ සමත් වුණා.

පසුගිය මාර්තු සිට මේ දක්වා මෙල්බන්හි දුම්වැටි අලෙවිසැල් 30 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල වී තිබෙනවා.

නීති විරෝධී කණ්ඩායම්වලට එරෙහිව අඛන්ඩව මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය  පවසන්නේ.

 

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »