Search

සූදු ක්‍රීඩා හානි අවම කිරීමට රජය තවදුරටත් ක්‍රියා කළ යුතු බවට මත

අන්තර්ජාලගත සූදු ක්‍රීඩාවලින් සිදුවන හානි අවම කිරීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය තවදුරටත් ක්‍රියා කළ යුතු බවටයි මත පළ වෙන්නේ.

රජය කියා සිටියේ අන්තර්ජාල ගත සූදු ක්‍රීඩා සඳහා ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් කරන බවයි.

මේ වන විටත් සමාජ ශාලා, කැසිනෝ ඇතුළු ඔට්ටු මධ්‍යස්ථාන රැසකදි ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් බවයි සඳහන් වෙන්නේ.

තහනම සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ඔස්ට්‍රේලියා සන්නිවේදන හා මාධ්‍ය අධිකාරියට පූර්ණ බලය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

සූදු සහ ඔට්ටු ප්‍රතිසංස්කරණ ය සමූහයේ ප්‍රධාන උපදේශක කියා සිටින්නේ රජය ගන්නා තීරණය අතිශය වැදගත් බවයි.

සූදු සහ ඔට්ටු නියාමනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

මෙල්බර්න් හි එක් රූපවාහිනී නාලිකාවක දිනකට ඔට්ටු සහ සූදු සම්බන්ධ දැන්වීම් නවසිය හතළිස් තුනක් ප්‍රදර්ශනය වන බවද සඳහන්.

තත්ත්ව පාලනය කිරීම සඳහා පියවර නොගතහොත් ඔස්ට්‍රේලියාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා.